(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වරෙන්තු මෙහෙයුමක් අතරතුරදී කඩුවෙල පොලිසියේ නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
තුවාල ලද පුද්ගලයා සිද්ධියත් සමගම පලා ගොස් මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුල්ව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
කඩුවෙල වැලි විට කැකිරිදෙනිය ප්‍රදේශයේ වරෙන්තු මෙහෙයුමක් අතරතුරදි සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහර දීමට තැත් කිරීමේදී පොලිසිය පුද්ගල ආරක්ෂාවේ අයිතිය සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි
මුල්ලේරියාව රෝහලින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව එම සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මෙහෙයුමක් අතරතුර වෙඩි තැබීමක්