‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘


(ජේ.කේ.එල්. චාමින්ද)

ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය.

ගාල්ල ධිවරවරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මේ පිළිබද අදහස් දක්වමින් ලංකාව වටේ තිබු ශිතාගාර දාහතරම පසුගිය රජයන් මගින් පුද්ගලික අංශයට ලබාදිලා තියෙනවා.

මෙකි ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු නැවත පුද්ගලික අංශයට ලබා නොදෙන්න අමාත්‍යංශය තිරණයකට ඇවිත් තියෙනවා.

එම ශිතාගාර රජය සතුව තියා ගන්නවා. සහල්වල වගෙම අයිස්වලත් එකාධිකාරියක් තියෙනවා. ශිතාගාර ධිවර වරායන්වල ස්ථාපිත කරලා ධිවරයන්ට අයිස් ලබාදිම වරායන් මගින් කිරිමට කටයුතු කරණවා