(ගයාන් සූරියආරච්චි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ හිමිනමක පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන්ට එරෙහිව එම පක්ෂයේ මහලේකම් බව කියන හිමිනමක විසින් පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කීපයක් අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අතුරලියේ රතන හිමි අල්ලන්න පොලිසිය යයි
ranjith Saturday, 09 August 2025 09:09 AM
පාර්ලිමේන්තුවේ නැති එක ලොකු දෙයක්... පොහොර ගැන ගොන් පණ්ඩිත කතා කියලා ගොවියෝ අනාථ කළා...
Saman Dissanayake Saturday, 09 August 2025 10:34 AM
වැඩක් නැහැ... ගියාට රහත් වෙලා දිව්‍යෙලෝකයේ ඇති
යෝගා Saturday, 09 August 2025 11:01 AM
මෙයාගේ දේශපාලන ආරම්භය ජවිපෙන්. ගහේ කටු උල්කරන්න දෙයක් නෑ. පට්ට ආත්මාර්ථකාමී කුහක කෙනෙක්...