IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


විශ්‍රාමික මන්ත්‍රීවරුන් එන සතියේ පාරට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන  සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව  විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ තීරණය සම්බන්ධයෙන්  එම එකමුතුව  ලෝක සංවිධාන තුනකටත්  අසල්වැසි ඉන්දීය රජයටත් පසුගිය සතියේ දී පැමිණිලි කළේය

ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ  යුරෝපා පාර්ලිමේන්තු සංගමය එසේ පැමිණිලි කළ ලෝක සංවිධාන තුනයි.

එසේම එම එකමුතුව  මන්ත්‍රී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සිය දුක් ගැනවිල්ල සඳහන් කරමින්  ජනාධිපතිවරයාටද පසුගිය සතියේදී ලිපියක් යොමු කර ඇත.

මේ අතර විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබූවහොත්  ජනතා විමුක්ති පෙරමුණ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමටද ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන්  පිරිසක් තීරණය  කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.

රජය හිටපු ජනාධිපතිවරුන්ගේ  මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ට බවද ඔහු සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමන් අධිකරණයට යන බව පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට පවතින නීතිමය කාරණය  සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විදි  වරප්‍රසාද අහිමි කිරීමද අනුමත නොකරන බව ඔහු කීවේය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසන්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ දැරුවොත් තමා මරාගෙන මැරෙන්න   වුවත්  සූදානම් බවයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින්  මන්ත්‍රී විශ්‍රාම වැටුපද කපා දමන බව  සඳහන් කළේය.



අදහස් (11)

විශ්‍රාමික මන්ත්‍රීවරුන් එන සතියේ පාරට

පොඩිඑකා Saturday, 09 August 2025 09:52 AM

මං ගානේ නොමිලේ පොල්කටු…!

:       3       37

ප්‍රියන්ත Saturday, 09 August 2025 09:53 AM

අස්වැසුම අයැදුම්පත් මුද්‍රණය කොට ඔවුන් අතරේ බෙදාහරින්න.

:       4       41

මධුර සෙනෙවිරත්න Saturday, 09 August 2025 09:57 AM

අවුරුදු පහක් තනතුරේ හිටියාම විශ්‍රාම වැටුප් දෙන රටවල් වල ලිස්ට් එකත් අරගෙනම පාරට බැස්සා නම් තමයි හොඳ...

:       3       40

රෙක්ස් Saturday, 09 August 2025 09:59 AM

විශ්‍රාම වැටුප් දෙන්න විශ්‍රාම යන්න එපැයි. ඡන්දේ පරදිනවාට කියන්නේ විශ්‍රාම යනවා කියලා නොවෙයි හලෝ...

:       2       42

ජබීර් Saturday, 09 August 2025 10:02 AM

එහෙනම් ඒ තනතුරු වල ඉන්දැද්දී කොමිස් ගහපුවත් රිටර්න් කරපල්ලා.

:       1       42

pakeer Saturday, 09 August 2025 10:16 AM

ජනතා විමුක්ති පෙරමුණට ජය... කිසිම ආණ්ඩුවකට බැරිවුණා... කාලකණ්ණි දේශපාලකයින්ව පාරට බස්සන්න. දැන් පාරට බැහැලා අව්වේ ඉඳන් කෑ ගහපල්ලා. පොලිසිය එවන්නම් බොලාට කඳුළු ගෑස් ගහලා හතර අතේ දුවන්න. ලබන සැරෙත් මම ජවිපයට.

:       5       38

යසපාල Saturday, 09 August 2025 10:22 AM

අනුර සහෝදරයා, මේවාට ඉඩදෙන්න එපා. නන්දනලාට පේමසිරිලාට පකෂයෙන් යන්න වුනේ ඇයි කියලා අපි දන්නවා...

:       2       25

Saman Dissanayake Saturday, 09 August 2025 10:37 AM

කුණු බිත්තර...

:       0       23

අන්_ර Saturday, 09 August 2025 10:44 AM

අපි ටාගට් කරන්නේ මාලිමා පාපිසි සෙට් එක. අපේ කාඩර්ලට අපි කොහොමත් ගෙවනවා. පාපිසි ටික එලවනවාමයි. එක සත පහක් දෙන්නේ නෑ.

:       5       12

Mahajanathawa Saturday, 09 August 2025 10:52 AM

ජනපතිතුමනි, අපි ඔබ සමගයි...

:       3       26

අතුල Saturday, 09 August 2025 11:01 AM

අවුරුදු 15 කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වශයෙන් සේවය කළ අයට මෙම විශ්‍රාම වැටුප හිමිවිය යුතුයි.

:       15       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site