(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වශී ගුරුකම් කරලා කෙනෙක්ව තවත් කෙනෙකුට බන්ධනය කරලා තියාගන්න හැකියාවක් කොහෙත්ම ඇත්තේ නැහැ. කිසියම් විසක් ශරීරගත වෙලා තිබුණා නම් එම විස ට අදාළ රෝග ලක්ෂණ පහල වීම අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. තැඹිලි ගෙඩිවලට මතුරා ඒවා පානය කරන්න දීලාලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ද ඇත්තේම නැහැ යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවැනි මිත්‍යා විස්වාස පිළිබඳව වසර ගණනාවක සිට පර්යේෂන හා ගවේෂණ සිදු කරන බව ද වෛද්‍ය ජනක මහතා කියයි.
කට්ටඩියන් පානය කිරීමට දෙන සමහර දියර වර්ග නිසා අසාත්මික තත්වයන් ඇතිවී කෙනකු මරණයට පත්වෙන්න පත් වෙන්න පුළුවනි. ඒ වගේම බලහත්කාරයෙන් කට්ටඩියන් කපුවන් යම් යම් දියර වර්ග ඔවුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට එන අයට බලහත්කාරයෙන් පෙවීමට සලස්වන අවස්ථා තිබෙනවා. බලහත්කාරයෙන් මේවා පෙවීමට ගොස් ඒවා පිට උගුරේ හෝ පෙනහළුවලට ගොස් මිය යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ද ඉතාම වැඩියි.
තැබිලි ගෙඩිවලට හෝ කහ වතුරට හෝ මන්ත්‍ර ජප කළා යැයි කියා ලෙඩ රෝග සුව කිරීමට අමුතු බලයක් ලැබෙන්නේ නැති බව අවධාරණය කළ යුතුයි.
ලෙඩ රෝග වැළඳුනහම ඒවා හඳුනා ගැනීමට ඉහළ ඉහල තාක්ෂණයක් බටහිර වෛද්‍ය විද්‍යාව සතු ව තිබෙනවා. කිසියම් රෝගී තත්ත්වයක් තත්වයක් ඇති වුණාම විශේෂඥ වෛද්‍යවරයකුට, වෛද්‍යවරියට හෝ පළපුරුදු වෛද්‍යවරයකුට පෙන්වීම තමා වඩාත් සුදුසු වන්නේ. අසාමාන්‍ය චර්යා රටා පෙන්නුම් කරන අයට විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ වෛද්‍යවරියක හමුවීම අතිශයින්ම වැදගත් වෙනවා යැයි ජ්‍යෙෂඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.
මතුරන ලදැයි කියන තැඹිලි වතුර පානය කිරීමට කට්ටඩියක් විසින් පැවැසීම සැලැස්වීම නිසා සිදුවූ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි ලයනල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ දියණියක වන පුතා තුෂාරි නැමැති විසිපස් හැවිරිදි තරුණිය රෝගාතුර වී මිය ගොස් තිබුණේ 2015 වසරේ අප්‍රේල් මාසයේදීය.
අනුරාධපුර නෙල්ලිකුලම ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂිකා කුමාරි නැමැති 36 හැවිරිදි කාන්තාවක් 2016 වසරේ මාර්තු මාසයේ මිය ගොස් තිබුණේ ද කපුවෙක් බව කියන පුද්ගලයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්ය.
ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ති කුමාරි නැමැති කාන්තාවක් 2015 වසරේ ජුලි මාසයේදී මියගොස් තිබුණේ කපුවෙක් කියයි කියන පුද්ගලයකු වෙන් පුද්ගලයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දේවාලයකට යාම නිසාය.
නිකවැරටිය, රස්නායකපුර පොලිසියෙ රාජකාරි කළ පොලිස් සැරයන් සුනිල් හේරත් මහතා ද 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී මියගොස් තිබුණේ දේවාලයකින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේ දී දැඩි ලෙස රෝගාතුර වීමෙන් පසුවය.
දේවාලයේ කපුවා පොලිස් සැරයන් වරයාට පානය කිරීමට ලබා දුන් කිසියම් දියර වර්ගයක් නිසා රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබිණි.

