‘‘නිසිකල නිසි පියවර නොගත් පී.බීට රජකාලේ දඬුවම් දිය යුතුයි‘‘


(යොහාන් භාසුර)

රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ පැවසීය.

ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු කීපයක් නිසා මේ රටට වූ විනාශය සියලු දෙනා දන්නා කරුණක් බව දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අයි.එම්.එෆ්. එකට ගොස් අවශ්‍ය වැඩපිළිවෙල හදන ලෙස අයි.එම්.එෆ්. 2020 මාර්තු මස උපදෙස් දී ඇති බව ‘කෝප්’ කමිටුවේදී හෙළිවූ බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ක්‍රියාකළ ආකාරය නිසා රට වැටුණු බවත් මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත්කිරීමට සූදානම් වන බවත් ජයසේකර මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.