‘‘දිට්වා‘‘ දිවයිනෙන් බැහැරට


(ගයාන් සූරිය ආරච්චි)

මෙරට කැළඹූ දිට්වා සුළි කුනාටුව දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

වැසි සහිත කාල ගුණික තත්ත්වය මේ වන විට අඩුවී ඇති අතර උතුර, උතුර මැද, වයඹ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලට සමහර ස්ථානවලටට මිලිමීටර 50- 75 මට්ටමේ සුළු වර්ෂාපතන පැවතිය හැකි බවද ඔහු කීය.

සබරගමුව, මධ්‍යම පළාත් වලටද සුළු වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා කීය.

සුළඟේ වේගයේ තත්ත්වය තවදුරටත් බලපා හැකි අතර එය බෙහෙවින් උතුරු පළාතට බලපා හැකි බවද ඔහු කීය.

මුහුදු රළ මීටර් දෙක, හතර දක්වා ඉහළයා හැකි බවත් උතුරු පළාතේ ධීවර කටයුතුවල නිරත වීම අවදානම් බවද ඔහු පැවසීය.