‘‘තරාතිරම වැඩක් නෑ බාල බෙහෙත් ගෙනා අය අල්ලනු‘‘


(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට රජයේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධ බවට තොරතුරු පෙනෙන්නට ඇතැයි කී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔවුන් කුමන ආයතනයක කුමන තරාතිරමකට අයත් වුවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට අද (13) නියම කළාය.

මෙම සැකකරුවන්ට අමතරව මෙම සිද්ධිය පාලනය කරන දෙතුන්දෙනා කවුරුන්ද ? යනුවෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශශයේ හිටපු ලේකම්වරයාගේ ක්‍රියාකලාපය සැක සහිත භාවයක් ජනිත කර ඇතැයිද සඳහන් කළාය.

සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කරමින් ඔවුන් ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්ධියෙන් අගත’ියට පත්වී සිටිනනේ රජයට බදු ගෙවන සියළු ජනතාව වන විට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට අයිතියක් ඇති බව පෙන්වා දෙමින් මෙම සිද්ධිය පැමිණීලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතාට පෙනී සිටීමට අවසර දුන්නා.

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ” මහ බඩවැලේ” පියයුරු” පෙනහළු පොස්පෙට් ග්‍රන්ථිය” ආමාශය ආශිත පිළිකා රෝගී්න් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ඨි විතානය පැහැදිලි කිරිම සඳහා භාවිතා කරන ඖෂඹ මෙන්ම රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධද ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇතැයි දැනුම් දෙමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලමකට අනුව රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා අදාළ ඖෂධ යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්මීන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 04කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරයකදි මෙම ඖෂධ නිශ්පාදනය කර ඇති බව හෙළි වී ඇති හෙයින් එම ස්ථානය පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට ගියත් එහි විදුලිය විසන්දි කර තිබීම හේතූවෙන් නිසි අන්දමට එම ස්ථානයය පරීක්‍ෂා කිරීමට නොහැකකි වු බව දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාත්වරිය හෙට (14) සිට ලබන 27 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්‍ෂා කිරීමටද ඒ සඳහා අවශ්‍ය සහය ගැනීම සදහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.

භාන්ඩාගාර ලේකම්” සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්” අමාත්‍ය මණ්ඩල ලේකම්” රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට අදාළව පසුගිය අවස්ථාවක නිකුත් කළ නියෝග අනුව අමාත්‍ය මණ්ඩල සංදේශ ඇතුළු ලේඛණ ලබා දෙමින් ඔවුන් විමර්ශන වලට සහය ලබාදුන්නේ යැයිද පළමු සැකකරු පෙර දින අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය කරුණු යැයිද මෙම ඖෂධ ටෙන්ඩරය ලබාදීමට පෙර 2022 ජනවාරී 04 වැනිදා ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය පළමු සැකකරු බාරදුන් එන්නත් වල ක්‍ෂුද්‍ර ජීවන් ඇති බව ඹෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී දීපීකා බුලත්සිංහල මහත්මිය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇතැයිද කීවා. ක්‍ෂුද්‍ර ජීවන් ඇති ඹෟෂධ රෝගීින්ට මාරානිතික තත්වයක් උද්ගත කරනවන බවත් රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද කියමින් ඖෂධ නියමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාන්ඩ සැකකරුට මුදාහැරීයේ කෙසේද යන්න හෙළි කර ගැනීම `සදහා විමර්ශනය කරන බව කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ හෙළි කර ගැනීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන්නාය.

මහෙස්ත්‍රාත්වරිය- මේ සියල්ල පාලනය කරන පුද්ගලයින් දෙතුන් දෙනෙකු සිටින බව පෙනෙන්න තියෙනවා” ඒත් ඔවුන් කවුද කියා හිතාගන්න බැහැ” නමුත් ඔවුන් කවුද කියා දැනගත යුතුයි” සැකකරු ලංසු ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් එන්නත් ලංකාවේ නිපදවීමට බව පවසාා ඇති හෙයින් ඔහුටට ඒ සඳහා අවසර දුන්නේ කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශනය කරන ලෙස රහස් පොලිසියටට නියම කළාය.

මහෙස්ත්‍රාත්වරිය- මේ සියල්ලේ පාලනය අමාත්‍යංශයේ ලේකම්වරයා ෂතුව තිබී ඇති බව පෙනෙන්නට තියෙනවා.

අධීක්‍ෂණ නිලදාරියා වශයෙන් කටයුතු කර ඇති ඔහු කාටද වගකියන්නේ? ඉහළ සිට පහළ දක්වා නිලධාරීන් අපරාධ සහයකින් ලෙස කටයුතු කර ඇති බවක් පෙනෙන්නට තියෙනවා” මෙම සිද්ධියේදී අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කර ඉදිරි දිනයේ අධධිකරණයට දැනුම් දෙන්න” ලක්මිණී ගිරිහාගම මෙනවිය- ඔබතුමිය දැක්වවු කරුණු වලට මාත් එකහෙළාම එකඟයි” ජනාධධිපති නීතීඥ නලින්දද ඉන්දතිස්ස මහතා- මෙම ඖෂධය හදන්නේ ලංකාවේ බව අනුමැතිය දෙන විට කැබිනට් මණ්ඩලය දන්නවා” මහෙස්ත්‍රාත්වරිය- එසේ දැනගෙන කවුද මේකට අනුමැතිය දුන්නේ?

ජනාධධිපති නීතීඥ නලින්දද ඉන්දතිස්ස මහතා- හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුත්වැල්ල මහතා

දෙවැනි සැකකාර වෛද්‍ය්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් නීතීඥ රිස්වාන් උවයිස් සහ අංජන රත්නසිරි සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් එම් සුහයිර් මහතා සැකකරු වෙනුවෙන් ලිඛිතව කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම අපරාධයට කිසිඳු සම්බන්ධයක් නැතැයි කීය” මෙම විමර්ශනය ගමන් කරන්නේ වැරදි දිහාවට බවත් පළමු සැකකරු කූඨ ලේඛණ සකස් කර ඉදිරිපත් කළා නම් අනෙකුත් සැකකරුවන් ඒ බව දන්නේ නැත්නම් ඔවුන් ඊට වගකිවයුතුදැය ප්‍රශ්න කළ ජනාධිපති නීතීඥ එම් එම් සුහයිර් මහතා තම සේවාදයකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

සිව්වැනි සැකකාර ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් මෙම අපරාධය සම්බන්ධයෙන් නොසැළකිලිමත්භාවය හැර වෙනත් කිසිඳු වරදක් තම සේවාදායකයාගේ නැතැයි කීය.

තම සේවාදායකයාට එරෙහිව මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිඳු සාක්කියක් නැතැයිද තම සේවාදායකයා කූඨ ලේඛණ සකස් කර නැතැයිද කී ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඤවරුන්ද කරුණු දක්වමින් ඔවුනට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා භාවිතා කර ඇත්තේ රජයට අයත් මුදල්ද යන්න සම්බන්ධයෙන් භාන්ඩාගාරය හරහා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්තේ ඔවුන්ටට ඉහළින් සිටින කුමන නිලධාරීන්ගේ නීතී විරෝධී නියෝග මතදැයි වහාම විමර්ශනය කර ඉදිරි දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසද රහස් පොලිසියට නියයම කළාය” සැකකරුවන් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිසස් පරීක්‍ෂ ජයන්ත මහතා පෙනනී සිටියේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හේෂාණී විජේසිංහ මහත්ම සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන නවීන් ශානක” අශෝක සේරසිංහ මහත්වරුන් ඇතු`ථ නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන නීතීඥ රෝලන්ඩ් පෙරේරා” එම් එම් සුහයිර් සහ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහත්වරු පෙනී සිටියහ.