‘‘කාබනික පොහොර ජනප්‍රිය කරන්න පක්ෂ විපක්ෂයේ හැමෝම එක් වෙමු‘‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකර ඒ ජනහිතකාමී වැඩපිළිවෙලට සහාය දෙන්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි .

රටේ කිසිදු පොහොර හිඟයක් නැති බවත් සමහර කූට වෙළඳුන් පොහොර සඟවාගෙන සිටින බවත් ඇමැතිවරයා සඳහන් කරයි

අවශ්‍ය තරම් පොහොර ගබඩාවල පවතින බවද ඔහු කීවේය .

රටේ රසායනික පොහොර භාවිතය සියයට 300 කින් වැඩිවී ඇතැයි කී අලුත්ගමගේ මහතා පොහොර භාවිතය වැඩි වුවත් ඊට සාපේක්ෂව නිෂ්පාදනය වැඩි වී නැතැයි ද ඔහු චෝදනා කළේය .

රටේ රසායනික පොහොර අවභාවිතා වන තත්වයක් පෙනෙන්නට තිබෙන බවද ඊළඟ මහ කන්නයට අවශ්‍ය පොහොර ගොවි ජනතාවට ලබාදෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.