‘‘ඇති තරම් වතුරු පානය කරන්න‘‘


(රංජන් කස්තුරි)

මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර් 200ක් පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

දිනපතා පෙරවරු 9 සිට සවස 4 දක්වා සෑම පුද්ගයකුම එලෙස ජලය පානය කිරීමට අමතරව හැකි තරම්  දියරවර්ග පානය කළ යුතු බව ද අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බව ද ඔහු කියයි.

පාසල් දරුවන්ට අව්රශ්මියෙන් සිදුවිය හැකි හානි වළකා ගැනීම සඳහා කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන බව ද එහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

සෑම පුද්ගයකුම පිපාසය සෑදෙන තුරු නොසිට හැකි තරම් ජලයපානය කළ යුතු බවද ඔහු කීවේය.