‘විදේශයන්හි සිට එන අයට ‍පොලීසියට ඇමතුමක් දී ලියාපදිංචි විය හැකියි’


(ඩයනා උදයංගනී)

විදේශයන්හි සිට මාර්තු 1 වැනිදා සහ 15 වැනිදා අතර කාලයේ දී මෙරටට පැමිණි අය ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ආසනන්ම පොලිස් ස්ථානයට ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉහත කාලසීමාවේදී යුරෝපා රටවල සිට සහ ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි අයට 119 දුරකතන අංකයෙන් එම මධ්‍යස්ථානයෙහි හෝ ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේදී එහි පැමිණීම අවශ්‍ය නොවන අතර දුරකතන ඇමතුමක් ලබාදීම ප්‍රමාණවත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.