IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉසෙඩ් ඇළට වැටුණු අලියා මිය යයි

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩි. ඇළට වැටුණු වන අලියෙකු ජලයේ සැඩ පහරට, ගොස් බෝක්කුවක් යට සිරවී පසුව ඇල්ලේවැව ප්‍රදේශයට ගසා ගෙන ගොස් එම ඇලේ සො‍රොව්වක සිර වී මියගොස් ඇති බව පිඹුරත්තෑව අඩවි වන කාර්යාලය සඳහන් කරයි.

අවුරුදු විසි පහක් පමණ වයසති මෙම වන අලියා  ඉසඩ්.ඩී ඇළට වැටී ඇති අතර අනතුරුව අලියා නොපෙනී ගොස්, ඇල්ලේවැව සොරොව්වක සිර වී මියගොස් සිටියදී අද (31)  උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති බවද වනජීවී නිලධාරී සඳහන් කරයි.
 
මෙම අලියාගේ හිසේ වෙඩි පහරවල් කිහිපයක් තිබු බවත්, කෙසේ වෙතත් වන අලියා වෙඩි ප්‍රහාරයකින් මිය යන්නට ඇද්ද එසේ නැත්නම් ජලය ගිලිමෙන් මිය යන්නට ඇද්ද යන්න පරීක්‍ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු සමීර කලිගුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
         
බැකෝ යන්ත්‍ර දමා වන අලියා ගොඩ ගෙන ඇති අතර මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවි පශු වෛද්‍යය සමීර කලිගුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ප්‍රවීෂ් පෙරේරා, පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න යන මහත්තුරු ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 



අදහස් (0)

ඉසෙඩ් ඇළට වැටුණු අලියා මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site