(යොහාන් බාසුර)
ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය වැඩි ඡන්ද 2 කින් ජයග්‍රහණය කිරීමට අද (31) සමත් විය.
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවර කියවීම සම්මත කිරීම සඳහා අද (31) දහවල් පැවැති ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 58 ක් ද, විරුද්ධ ඡන්ද 56 ක් ද, ලැබුණි.
මෙම මස 22 වැනිදා පැවති පළමු අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනි සිහාරා බුහාරි ඊයේ පැවති ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කැපී පෙනුණි.
පළමු අයවැය ඡන්දයේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ෂේන් ඩැනියල් රාම් සහ ජාතික ජනතා පක්ෂයේ ඉන්දික සංජීව යන මන්ත්‍රීවරු සභා රැස්වීමට සහභාගී නොවූහ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් අමීර් සුබේර් රැස්වීමට සහභාගී වී සිටිය ද ඡන්ද විමසීම අවස්ථාවේදී සභාවෙන් පිටව යෑම කැපී පෙනුණි.
කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ලේඛනය එම නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඊයේ පෙරවරුවේ දෙවැනි වරට ඉදිරිපත් කළ අතර පසුව ඡන්ද විමසීම පැවැත්වීය.
අයවැය සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වන ලෙස සමඟි ජනබලවේගයේ මන්ත්‍රී විපක්ෂ නායක රීසා සරුක් මහතා බෙදීමක් ඉල්ලා සිටීම හේතුවෙන් පැවැත්විණි.
විපක්ෂ නායක රීසා සරුක් මහතා ඡන්ද විමසීම අවස්ථාවේදී මොහොමඩ් අමීර් සුබේර් මන්ත්‍රීවරයා සභාවේ නොසිටීමට හේතුව ඒ මහතාගේ බිරිඳ හෘදයාබාධයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීම බව සභාව දැනුවත් කිරීමද කැපී පෙනුණි.
එම නගර සභාවේ 2026 අයවැය සම්මත කිරීමේ පළමු ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 60 ක් ද, පක්ෂව ඡන්ද 57 ද, ලැබීමෙන් පාලක ජාතික ජන බලවේගය ඡන්ද 3 ක පරාජයක් ලැබීය.
එම ඡන්ද විමසීමේදී මෙන්ම මෙවර ද සමඟි ජනබලවේගය සමඟ එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, සර්වජන බලය, එක්සත් ජනරජ පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් 4 ක මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික ධූර 4 න් සිහාරා බුහාරි මන්ත්‍රීවරිය පමණක් අයවැයට පක්ෂව මෙවර ඡන්දය ප්‍රකාශ කළාය.
කොළඹ මහ නගර සභාවට සභිකයන් 117 ක් පත්කිරීමට මෙම වසරේ මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගය සභික ධූර 48 ක්, සමඟි ජනබලවේගය සභික ධූර 29 ක්, එක්සත් ජාතික පක්‍ෂ සභික ධූර 13 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 5 ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික ධූර 4 ක්, ස්වාධීන කණ්ඩායම් 3 සභික ධූර 3 ක්, එක්සත් සාම සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් 4 සහ ස්වාධීන කණ්ඩායම් 5 සභික ධූර 2 බැගින් හිමිකරගත්තේය. මේ අතර තවත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් සභික ධූරය බැගින් සභික ධූර 7 ක් හිමිකරගෙන තිබුණි.
ඒ අනුව කිසිඳු පක්‍ෂයකට සියයට 50 ක සභික ධූර හිමිනොවීමෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරාපත්කර ගත්තේය.
එහිදී ජාතික ජනබලවේගයේ නගරාධිපති ධූර අපේක්‍ෂිකාව වූ වර්තමාන නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මන්ත්‍රී ඡන්ද 61 ක් හිමිකරගත් අතර විපක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂකයා වූ සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රීසා සරුක් මහතා ඡන්ද 54 ක් හිමිකරගත්තේය. ඒ අනුව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩි ඡන්ද 7 කින් නගරාධිපතිනිය බවට පත්වූවාය.
ජාතික ජනබලවේගයට කොළඹ මහ නගර සභාවේ බහුතර බලය ගැනීමට සභික ධූර 11 ක් අඩුව තිබුණ ද නගරාධිපතිවරයා පත්කරගැනීමේ ඡන්දයේදී ජාතික ජනබලවේගය සභික ධූර 13 ක් වැඩියෙන් ගැනීමට සමත් වීම කැපී පෙනුණි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ නගර සභා අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි