‘විදෙස් විශ්වාසය යළි ගොඩනඟා ගත්තා‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදේශ බැංකු, මූල්‍ය ආයතනවල විශ්වාසය යළි දිනා ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"මූල්‍ය ස්ථාවර බවක් ඇති කිරීමට සහ අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීම අවශ්‍යයි.විදේශ විනිමය ප්‍රශ්නය  උග්‍ර වීම නිසා විදේශ ණය වලට අදාල පොලිය ගෙවීමට නොහැකි වුණා.

මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වූයේ ප්‍රථම වතාවටයි යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.