(ෂේන් සෙනෙවිරත්න)
වික්ටෝරියා වේල්ලේ කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවත් වික්ටෝරියා විදුලි බරාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත මහතා පවසයි.
ඉංජිනේරුවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ වික්ටෝරියා වේල්ල කඩාගෙන යාමේ අනතුරක් ඇති බවට මේ වන විට අසත්‍ය ප්‍රචාරයක් ජනතාව අතර යන බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.
මේ වන විට වික්ටෝරියා බලාගාරයේ ජනක යන්ත්‍ර තුනම පද්ධතිය සම්බන්ධව විදුලිය ජනනය කරන බවත් එම බලාගාරය තුළ කිසිදු ආකාරයක අවදානම් තත්ත්වයක් නොමැති බවද ඒ මහතා කියයි.

