හසිත රංග ගුණතිලක
රටේ තරුණ පරපුර තුළ හැකියාව, වුවමනාව සහ දක්ෂතාව තිබේ නම් රැකියා ලබාගැනීම සඳහා තරුණ තරුණියන් දේශපාලකයන් පසුපස යායුතු නැතැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජයසේකර මහතා මෙසේ පැවසුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ අද (5) වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.
“කම්මැලි ජාතියක් නොවී වෘත්තීය පුහුණුව අතින් අපි ශක්තිමත් වුණොත් මේ රටේ රැකියා අර්බුදය ඉක්මණින් විසඳිය හැකියි. විශාල රැකියා අවස්ථා ගණනාවක් ලංකාව තුළත් ඉන් පිටතත් ඇති වී තිබෙනවා.
රටේ අනාගත කාර්යභාර්ය ඉටු කිරීමට වගකීමක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මා හට පවරා තිබෙනවා. මේ අමාත්‍යංශය හරහා රටේ තරුණ පරපුරට විශේෂ සේවාවක් කළ හැකියි.”
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි