
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා තව දුරටත් පවතින අධික වැසි තත්වය නිසා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කළේය.
අද 19 වනදා උදේ නිකුත් කර ඇති එම නිවේදනවලට අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 32 කට දෙවන මට්ටමේ නිවේදනයද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 කට පළමු මට්ටමේ අවාවාදාත්මක නිවේදනයද නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, උඩදුම්බර,දොළුව සහ මැදදුම්බර ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, වලපනේ, හඟුරන්කෙත සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අට සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනය හෙට 20 වනදා උදේ දක්වා නිකුත් කර තිබේ.
එයට අමතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ලුණුගල පස්සර සහ හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ පාතදුම්බර,උඩුනුවර, ගඟවට කෝරළය,පස්බාගේ කෝරළය, හාරිස්පත්තුව, තුම්පනේ, පන්විල,ගඟඉහළ කෝරළය, උඩපළාත,යටිනුවර, පූජාපිටිය,කුණ්ඩසාලේ, දෙල්තොට, පාතහේවාහැට සහ හතරලිය්ද්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, විල්ගමුව,යටවත්ත, අඹන්ගඟ කෝරළය. නාවුල, රත්තොට,පල්ලේපොළ, උකුවෙල සහ මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ විමසලිමත්වීමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ඌව පරණගම, හල්දුම්මුල්ල, කන්දකැටිය,සොරණාතොට, ඇල්ල,වැලිමඩ, හපුතලේ, සහ මීගහකිවුල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව,පොල්ගහවෙල, මල්ලවපිටිය,සහ මාවතගම,නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ , නෝර්වුඩ්,අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 19 වනදා උදේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට 20 වනදා උදේ දක්වා පැය 24 ක කාලයක් සඳහා බල පැවැත්වෙන බවත් එම සංවිධානය කියයි.
තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 කාලය තුල මිලි මිටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.
දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ සහ පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස වැඩි ප්‍රදේශවලට නාය අවදානම්