‘රටතුළ සිටින බහුතරයක් දේශපාලනඥයින් දුෂිතයි‘


(සිතුම් චතුරංග)

රටතුළ සිටින හා  පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවසීය.

මේ දුෂිත දේශපාලකයින් දවසින් දවස ජනතාවගේ දුප්පත් කම දුගී බාවය වැඩිකරන අතර රටේ සංවර්ධනයද අඩාලකරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ මන්නාරම මහජන ක‍්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය,
මේ උතුරු ප‍්‍රදේශයේ නිවාස ඉදිකිරන්න නිවාස 50000 ව්‍යාපාතියක් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. ඉන්දිය බැංකුවකින් ඒ ස`දහා මුදල් වෙන්කොට තිබුණේ. ඒ නිවාස ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයින් වසර තුනහමාරක් ඒ මුදල් බෙදාගන්න රණ්ඩු කෙරුවා. ඒ නිසා නිවාස ව්‍යාපෘති රාශියක් ක‍්‍රියාත්මකවුවත් ඉන්දීය නිවාස 50000 ව්‍යාපෘතිය ආරම්භ කරන්නටවත් රජයට හැකිවූයේ නැහැ.
ඒ ආණ්ඩුවේ මැතිඇමතිවරු තුල මේ නිවාස ව්‍යාපෘතිය බෙදාගන්නට තිබූ ගැටුම්කාරි තත්වයන් හේතුවෙන්.පසුගිය නොවැම්බර් 30 ගියමාසයේ ඒ මුදල් සියල්ලම ආපසු ඉන්දියාවට ගියා. අපේ රටේ දේශපාලඥයින් කොච්චර හොදද කියා පේනවානේද ඒ දේශපාලඥයින්ගේ රණ්ඩුව තිබුණේ නැතිනම් මේ ප‍්‍රදේශයට ගෙවල් 25000 වත් හැදිලා ඉවරයි.

මේ උතුම් නත්තල් උදාවේ සාමය උදාවේවායි ප‍්‍රාර්ථනාකරනවා වගේම විශේෂ යෙන් අප දෙවියන්ගෙන් ඉල්ලා සිටිය යුතු අප රටේ සංවර්ධනයට ප‍්‍රධාන කරුණු ගනනාවක් තිබෙනවා. ඒ තමයි අප රට හොදරටක් කරන්න දුෂණයෙන් තොර දේශපාලඥයින් අපේ රටට ලබාදෙන්න කියා.

අපරාධකාරයින් , පාතාලයින්, මැරවරයින් ,  මත්කුඩු ජාවාරම්කාරයින් සම්බන්ධ  නැති දේශපාලඥයින් අපට ලබාදෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලමු.        මේ බලයට එන බොහෝ දෙනෙක්ට අවශ්‍ය ජනතාවට හා රටට සේවය කරන්න නොවෙයි.

අප රටේ දේශපාලඥයින්ගෙන් බහුතරයක් ඉතාමත් දුෂිතයි. අපේ රටේ පාර්ලිමේන්තුවතුල සෑහෙන පිරිසක් දුෂිතයි. මේ රට ඉස්සරහට යන්නැත්තේ සංවර්ධනය අඩුවෙන්නේ ඒ නිසායි. ඒ නිසා අප සියලූ දෙනා මේ උතුම් නත්තල් උදාවේදී අධිෂ්ඨානවිය යුත්තේ සාමය හා සංහිදියාවත් රට පාලනය කිරීමට දුෂණයෙන් තොර දේශපාලන පිරිසක් ලබාදීමත්
        

මේ දුෂිත දේශපාලකයින් දවසින් දවස ජනතාවගේ දුප්පත් කම දුගී බාවය වැඩිකරනවා. මම මේ කියන්නේ පක්ෂබේදයකින් තොරවයි. මා හට වසර හතරක් ජනාධිපතිධූරයට සපිරෙන්න තිබෙන්නේ තවත් සති දෙකක කාලයක්. මේ අවුරුදු හතරේ මාගේ ප‍්‍රධාන අත්දැකිම කුමක්ද මේ රට දියුණුකිරීමට තිබෙන ප‍්‍රධාන බාධාව දුෂිත දේශපාලඥයින්. අපි මේ ගැන කොතරම් කතාකළත් පාර්ලිමේන්තු ඡන්දය තිබෙන කාලයට එවන්නේ එවැනි කොටසක්. අනාගතයේ එසේ නොවේවා කියා ප‍්‍රාර්ථනා කරනවා. මේ උදාවූ නත්තල් කාලයේ වාසනාවන්ත පින්බර කාලයක් අපේ රටේ සියලූ ජනතාවට ආශිර්වාද කරනවා.

 
බදුලූ පදවි රදගුරු වින්ස්ටන් ප‍්‍රනාන්දු, මන්නාරම රදගුරු එමානුවෙල් ප‍්‍රනාන්දු සහ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.