‘මාසයකදී ඛනිජ තෙල් පිළිබඳ යෝජනා 70 ක්‘


(යොහාන් භාසුර)

ඛනිජ තෙල් නිෂ්පාදන සහ සැපයීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බලශක්ති අමාත්‍යාංශයට පසුගිය මාසය තුළ යෝජනා 70 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එම සියලුම යෝජනා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක ඇගයීමට ලක්කරන බවත් එම යෝජනාවලින් වැඩි සංඛ්‍යාවක් තාක්ෂණික අවශ්‍යතා පිළිබඳ යෝජනා බවත් අමාත්‍යවරයා කීය.

බොහෝ යෝජනාවල ඉන්ධන සඳහා මුදල් ගෙවීම සඳහා අනුගමනය කළ යුතු ගෙවීම් ක්‍රම පිළිබඳව සඳහන්ව නොමැති බව කී අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි පැවසුවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකර අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කළ හැකි බවත්ය.