(සුමිත් ප්‍රේමතිලක )
පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරු වන "පානදුරේ සලිදු" නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන "පින්වත්තේ උජියා" නමැත්තා රුපියල් ලක්ෂ 80 කට අධික වට්නාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අද (06) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පානදුර ,පින්වත්ත ප්‍රදේශයේ සැකකරු ගේ නිවසේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 750 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර , ඔහුගේ ගිණුම් සහ දුරකථන දත්ත ඔස්සේ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන කරන බැව් පැවසේ.
සැකකරු ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවුරුදු 16 ක් සිර දඩුවම් විද ඇති බවත් , නඩු 3 ක් මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පොලිසිය කියයි .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය කියයි .