‘ගෑස් සිලින්ඩර 50,000 ක් හෙටත් සපයනවා‘


(යොහාන් භාසුර)

ලිට්‍රෝ  සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (1) දිනයේ ද බෙදාහරින බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (31) පස්වරුවේ පැවසීය.

කොළඹ නාගරික ප්‍රදේශයට ඊයේ පෙරවරුවේම ගෑස් සිලින්ඩර සැපයූ බව කී කේතේෂ්වරම් මහතා පැවසුවේ ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු පිටපළාත්වලට ද ගෑස් සිලින්ඩර පෙරවරුවේම පිටත්කර හැරි බවයි.

ගෑස් බෙදාහැරීමට ජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාම වැඳගත් බවත් ගෑස් බෙදාහරින ලොර් රථවල රියදුරන්ට සහ සේවකයන්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීය.