කොළඹ හෝ වෙනත් පළාතකට හෝ ඇතුළු වීම සහ ඉන් පිටවීම වළක්වා, සියලු දොරටු වසාදමා හුදකලා නගරයක් බවට පත්කර ඇති බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාමත් සමඟ මෙවැනි අසත්‍ය කටකතා පැතිර යන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
'කොළඹ නගරය වසාදමා ඇති බවට පළවන කටකතාවල කිසිදු සත්‍යයක් නැහැ. අපේ වෛද්‍ය කණ්ඩායම් මෙම තත්වය සියුම්ව නිරීක්ෂණය කරමින් සිටිනවා. වයිරසය ව්‍යාප්තිය අවමකිරීමට ඔවුන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා' යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඊයේ දිනය වනවිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබූ බවද ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට ගුවන් මගීන් පැමිණීමත් සමඟ මෙම ආසාදිතයන් ගණන වැඩි වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
මේ වනවිට පුද්ගලයන් 4000ක් පමණ සිය නිවාසවලට වී ස්වයං - නිරෝධායනයට යොමු වී සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය නිතර නිරීක්ෂණය කරමින් සිටින බවත් අමාත්‍යංශය සඳහන් කරයි.

