IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොරි අනතුරින් හයක් රෝහලේ

(අජිත්ලාල් ශාන්තඋදය)

කොළඹ මඩකලපුව ඒ 4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවනාකැටිය ප්‍රදේශයේදී  අද(31) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කළ බව රත්නපුර පොලිසිය පැවසුවේය.

අනතුරට ලක්ව ඇත්තේ ලොරි රථයක් සහ වෑන් රථයකි. වෑන් රථයේ ගමන්ගත් පස් දෙනෙක් සහ ලොරි රථයේ සහායක මෙලෙස තුවාල ලබා ඇත.

ගොඩනැගිලි ද්‍රව්‍ය පටවාගෙන පැල්මඩුල්ල දෙසට ගිය ලොරියේ ගැටී ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ අවමගුල් නිවසකට ගොස් ආපසු රත්නපුර දෙසට  එමින් සිටි වෑන් රථයකි.

 අනතුරින් පසු ලොරි රථය පාර හරහා පෙරලී තිබුණි. වැන් රථයට දැඩි අලාභහාන් සිදුව තිබූ අතර එහි ගමන්  ගත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය පැවසුවේය.

 

 



අදහස් (0)

ලොරි අනතුරින් හයක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site