(අංජුල මහික වීරරත්න)
කැබිලිත්ත වන රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින අය අත්අඩංගුවට ගෙන නීති පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මොණරාගල දිස්ත්‍රිකය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (1) උපදෙස් දුන්නේය.
වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි පදනම් කර ගනිමින් අමාත්‍යවරයා මෙි උපදෙස් ලබා දුන්නේය.
කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ වගාව සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25,000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇතත් ඒවා වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.