‘කතානායක දිගටම කළේ හිටපු අගමැති පිනවීමයි’


(සුජිත් හේවාජූලිගේ)

 

කතානායක කරූ ජයසූරිය මහතා දිගටම කටයුතු කළේ රට සහ ජනතාව පිනවීමට නොව රනිල් වික්‍රමසිංහ පිනවීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා පැවසීය.

පාර්ලිමේන්තුව කැඳවීමේ  කිසිම නීත්‍යනුකූල බලයක් කතානායකවරයාට නැතැයි කී පීරිස් මහතා රටේ බොහෝ ප්‍රශ්නවලදී නින්දට වැටී තිබූ කරු ජයසූරියගේ හෘද සාක්ෂිය අද හදිසියේම අවදි වී ඇති ආකාරය පුදුම සහගත යැයිද ප්‍රකාශ කළේය.

කතානායකවරයාගේ මූලික වගකීම ඔහු උල්ලංඝණය කර ඇතැයි ද මහාචාර්යවරයා කීය.

මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා මේ බව පැවසුවේ අගමැති කාර්යාලයේ දී අද (4) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 (ඡායාරූපය -ලහිරු හර්ෂණ)