
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකා වූ හානියට වන්දි ගැනීමට නඩු පැවරීම වැලැක්වීමට දුන්නේ යැයි කියන මහා පරිමාණ අල්ලස රුපියල් කෝටි 8000 ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍ය වියදමට සමාන බවත් එවැනි විශාල මුදලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.
මෙම චෝදනාව විශ්වාසනීය චෝදනාවක් ද, මෙය වියහැකි දෙයක් ද, වියනොහැකි නම් තවත් ප්‍රශ්න මාලාවක් ජනිත වන බව කියන ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මෙය ගොතපු බොරුවක් නම් එවැනි දෙයක් හෙළි කිරීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු වන බවත්ය.
මෙය සුරංගනා කථාවක් නම් මෙය එළියට දැම්මේ ජනතා අවධානය වෙනතකට යෙමෙු කිරීම සඳහා වියහැකි බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය යට ගසා ජනතා මනස වෙනස් පැත්තකට යොමු කිරීම මෙහි අරමුණ වියහැකි බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකාවේ නමක් ඇති විදේශකයෙක් වන චාමර ගුණසේකර නැමැත්තෙක්ගේ බි්‍රතාන්‍යයේ බැංකු ගිණුමකට එම විශාල මුදල බැර කර ඇති බවට චා්දනාව එල්ල වී ඇති බව කී මහාචාර්යවරයා එංගලන්තයේ බැංකුවකට මුදල් තැම්පත් කිරීමේදී මුදල් විශුද්ධිකරණය සඳහා නීති දැඩිව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
සිංගප්පූරුවේ නඩු පැවරීමට ඩොලර් මිලියන ගණනින් මුදල් වියදම් වැය වන බව කී ඒ මහතා ශ්‍රී ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීමට නීතිපතිතුමා තීරණය කළේ කුමන හේතුවක් මත ද යන්න හෙළිකළ යුතු බව ද සඳහන් කළේය.

