( තිළිණි ද සිල්වා )
මෙරට මුහුදු සීමාවේ ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් මියගිය බවට සැක කරන මුහුදු සත්ත්වයින්ගේ හා නැවේ සාම්පල කිහිපයක් විදෙස් රසායනාගාර වෙත යොමු කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව වෙරළට ගොඩ ගැසූ ඇතැම් බහාලුම්වල පැවති ප්ලාස්ටික් කොටස් සාම්පල ද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රාසායනාගාර වෙත යොමු කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහදුපුර මහත්මිය පැවසුවාය.
තවත් සත්ත්වයින්ගේ කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ඇමෙරිකාව සහ ප්‍රංශය වෙත යොමු කිරීමට එම රාජ්‍යයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කළා ය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මුහුදට වැටුණු බහාලුම් සංඛ්‍යාව කොපමණ ද, ඉන් සිදුවූ හානිය කෙසේ ද යන්න සම්බන්ධයෙන් නෞකාව හිමි සමාගම විසින් පත් කළ භාරකාර සමාගම අධ්‍යනයක් ද ආරම්භ කර ඇතැයිද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියා සිටින්නීය.එම වාර්තා මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ අතර මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට සමාගමක් තෝරා ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම හෙටින් (21) අවසන් වීමට නියමිතව ඇතැයි ද දර්ශනී ලහදුපුර මහත්මිය ප්‍රකාශ කළාය.

