‘අපේ යෝජනාවලට තැන දුන්නොත් 21කට සහය දෙනවා‘


(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21  වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  සහය  ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ නවයක නායකයන්  අතර පැවති සාකච්ඡාවකින්  අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

ස්වාධීන පක්ෂ එකමුතුව විසි එක් වෙනි සංශෝධනයට අදාළ කෙටුම්පත අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.