සායන සඳහා හෝ හදිසි අනතුරකදී ප්‍රතිකාර ලැබීම වැනි අත්‍යවශ්‍ය සේවාවක් ලබාගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලට නොපැමිණෙන ලෙස එහි බලධාරීන් මහජනතාවට දැනුම් දී තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.
අක්ෂි රෝහලට දිනපතා පුද්ගලයන් 3000ක පමණ පිරිසක් පැමිණෙන බවද, තනි ස්ථානයකට බොහෝ පිරිසක් රැස්වන එවැනි අවස්ථා හේතුවෙන් වයිරසය ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් ඇති බවද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී. කුමාරතිලක මහතා සඳහන් කළේය.

