(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු නිසා 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වෙනුවෙන් කමිටු 15 ක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අරගලයේ නියුතු තරුණයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට අගමැතිවරයා සුදානම් වීම අරගලකරුවන් ලද ජයග්‍රහණයක් යැයි ද නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (31) පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීය .