‘ එන්නත් ලබාදීමේදී ආයෝජන කලාපවලටත් ප්‍රමුඛතාව දෙන්න‘


(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා සියලුම ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට කොවිඩ්  මර්දන එන්නත  විශේෂ ප්‍රමුඛත්වයදී ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී  ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය.

රජය  ආයෝජන කලාපවලින් ලැබෙන විදේශ විනිමය   ගැන  විශේෂ සැලකිල්ලක් දක්වන අවස්ථාවක  ඒ කලාපවල සේවක සේවිකාවන්ගේ  සෞඛ්‍යය ගැන  මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වන බව  කෝන්ගහගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය .

ආයෝජන කලාපවල එන්නත්කරණ  වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වී නැතැයිද ඇය චෝදනා කළාය .

එසේම රාජ්‍ය අංශයේ ගැබිනි සේවිකාවන්ට   ලබාදී ඇති නිවාඩු සහනය පෞද්ගලික අංශයේ ගැබිනි සේවිකාවන්ටද  එක සේ ලබාදෙන්නැයි  ඇය  ඉල්ලීමක් කළාය .

පවතින තත්වය යටතේ ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ගෙන් පෝෂණ මට්ටම ගැනද රජය මීට වඩා උනන්දු විය යුතු බවත් ඒ සඳහා එම ආයතන පාලකයන්ට අනුග්‍රහ ලබාදිය යුතු  බවත්  ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය අවධාරණය කළාය .