(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මීට දින කීපයකට ඉහතදී කොල්ලුපිටිය පාසල් මාවතේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු අනතුරට ලක් වීමෙන් අනතුරුව එම පුද්ගලයාට පහර දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව සැකකරු පොලිසියට භාර වීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

