
(සුජිත් හේවාජුලිගේ )
වරායේ ආනයන අපනයන හා ප්‍රති අපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ ගොස් අැති බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශන කටයුතුවල තදබදය අවම කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්යය අනුර කරුණාතිලක මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලු පිරිසක් සහභාගි වූහ.
මේ වනවිට බහාලුම් 8000ක් පමණ නිෂ්කාශන කටයුතු සඳහා යොමු කිරීමට ඇතැයි පැවැසේ.
වරාය අධිකාරිය මෑතකදී ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් අංගනයට අඩු අවදානම් බහාලුම් යොමු කර රේගු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කරලීමටද සාකච්ඡාවේදී තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd