(දිනේෂ් සමරකෝන්)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (19) ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙනතුරු එම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර, අනුරාධපුර – කන්කසන්තුරය අතර කොට්ඨාශයේ දුම්රිය ධාවනය හෙට දිනයේ සිට ජනවාරි 26 දක්වා සිදු වන ආකාරයේද වෙනස් සිදු කර තිබේ.

ඒ අනුව යාල්දේවී දිනපතා දුම්රිය පෙරවරු 6ට පිටත්ව කන්කසන්තුරයට පෙරවරු 9.29ට ලඟාවීමටත්, කන්කසන්තුරයෙන් පස්වරු 2.30ට පිටත්ව අනුරාධපුරයට පස්වරු 6.01ට ලඟාවීමටත් සැලසුම් කර ඇත.

එමෙන්ම යාල්රාණි දිනපතා දුම්රිය අනුරාධපුරයෙන් පස්වරු 2.30ට පිටත්ව කන්කසන්තුරයට පස්වරු 6.53ට ලඟාවීමටත්, කන්කසන්තුරයෙන් පෙරවරු 6ට පිටත්ව අනුරාධපුරයට පෙරවරු 10.17ට ලඟාවීමටත් සැලසුම් කර තිබේ.

මේ අතර, ආපදා තත්ත්වයෙන් පසු කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රියද ඇතුළුව දුම්රිය කිහිපයක් අනිද්දා (20) දිනයේ සිට ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව අදාළ නිවේදනයෙන් දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී.ඩී.ඒ. සමරසිංහ මහතා සඳහන් කර ඇත.