ළමයින් 7534 කොවිඩ් වැළඳී නිවෙස්වල


(සුජිත් හේවාජුලිගේ)

ළමයින් හත් දහස් පන්සිය තිස් හතර දෙනකු (7534) කොවිඩ්  ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.

මෙම ළමයි සියලු දෙනා  වයස 2ත් 15ත් අතර පසුවන අය වෙති.

මේ අතර  ගැබිනි මවුවරුන්  දෙසිය හතළිස් දෙදෙනකුද කොවිඩ්  ආසාදිතව  නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ඇය සඳහන් කළාය.

කොවිඩ්  ආසාදිතයන්  හැත්තෑ  හත් දහස් නවසිය  හතළිස්  නවයක් නිවෙස් ගතව ප්‍රතිකාර ගැනීම සඳහා  ලියාපදිංචිවී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.