
(චින්තක කේ. බාලසුරිය)
හොරොව්පොතාන ප්‍රදේශයේදී වූ මෝටර් රථ අනතුරකින් යුදහමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු මියගොස් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට ගොස් නැවත හොරොව්පොතාන දෙසට ගමන් ගත් මෝටර් රථයක් හොරොව්පොතාන – වව්නියාව A29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී ගවයන් දෙදෙනකුගේ ගැටි පසුව බෝක්කුවක ද ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී මෙම අනතුර සිදුව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.
පෙර දින (30) රාත්‍රියේ 09.50 ට පමන සිදුවූ මෙම අනතුරි අවුරුදු එක් තරුණයකු එම ස්ථානයයේදීම ජීවිතක්ෂයට පත්වු අතර අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුත් කර තිබිණ. එහිදි අවුරුදු 19 ක් වයසැති තවත් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසති.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල ප යුද හමුදා සෙබලකු වු මුණසිංහගේ රොමින්ද නලින් මදුභාෂන හා නිකවැව හොරොව්පොතානේ පදිංචි ආර්.ආර්. සදරු ප්‍රභාෂණ නැමැති අවුරුදු 19 තරුණයෙකි.
මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර ප්‍රදේශවාසින් එක්ව හොරොව්පොතාන ප්‍රදේශිය රොහලට ඇතුළත් කර තිබිණි. බරපතල තුවාල ලබා සිටි රියදුරු වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට හොරොව්පොතාන ප්‍රදේශිය රොහල් වෛද්‍යවරු කටයුතු කළහ.
මිය ගිය තරුණයින්ගේ දේහයන් හොරොව්පොතාන රෝහලේ මෘත ශල්‍යාගාරයේ තැම්පත් කොට ඇති අතර (01)මරණකරුවන්ගේ ඥාතින්ට භාර දීමට නියමිතව ඇත .



