(ඩි.ජි.සුගතපාල)
හික්කඩුව පොලිස් ස්ථානයට අලුතෙන් පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු බව පවසා හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පරික්ෂා කිරිමට ගිය පුද්ගලයෙකු 19වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිටියාගොඩ දොමන්විල සන්ද්‍රා මරක්කල මලික් සාන්ත නමැති සැකකරුවෙකි.
සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් තමා හික්කඩුව පොලිසියට අලුතෙන් පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු බවත් එනිසා සම්භාහන ආයතනය පරික්ෂා කිරිමට අවශ්‍ය බවත් පවසා ඇති අතර පසුව එහි අයිතිකරුවන් ඔහුගෙන් රාජකාරි හැඳුනුම් ඉල්ලා සිටිවිට ඔහු පලාගොස් ඇත.
ඒ සමගම එහි සිටි අය පොලිසියට දැනුම් දිමෙන් පසු වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.