
(අංජුල මහික වීරරත්න)
පොලිතින් බෑග් සදහා ක්‍රියාත්මක වන නව නියමය අනූව හෙට (1) සිට සිලි සිලි බෑග් (LDPE & LLDPE) ප්ලාස්ටික් බහාලුම් මලු තවදුරටත් ව්‍යාපාරික ස්ථානවලින් නොමිලේ ලබා නොදෙන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියයි.
ඒවා සඳහා අය කරන මිල බිල්පතේ සඳහන් කළ යුතු අතර එම මිල ව්‍යාපාරික ස්ථානයේ පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු යැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) ආ (ii) වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයකි.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතයට හුරුවෙමු යැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

