(ගයාන් සූරිය ආරච්චි)
යාපනය විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ජෙෂ්ඨ කථිකාචාර්යවරියක ගෙල සිරකර ඝාතනය කර මන්නාරම කැලෑ බද ප්‍රදේශයක දමා ගිය බව කියන එම කථිකාචාර්යවරියගේ දියණිය සහ බෑනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 සහ 22 හැවිරිදි යුවලකි.
අත්අඩංගුවට ගත් සැකකරු රියදුරු රැකියාවේ නිරත වන පුද්ගලයෙකු වන අතර ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ දියණිය සමඟ විවාහ වීමෙන් අනතුරුව නිතර ආරවුල් ඇතිව තිබූ බව පොලිසිය කියයි
අනතුරුව දියණිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ යාපනය චුන්ඩුක්කුලි ප්‍රදේශයේ නිවසට පැමිණ පදිංචිව සිට ඇත.
ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ පුත්‍රයාද කථිකාචාර්යවරයකු වන අතර තම මව සහ නැගණිය අතුරුදන් වී ඇති බවට ඉකුත් (19) දා යාපනයේ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.
කෙසේ වෙතත් සැකකරු සහ සැකකාරිය නිලා වේලි ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු සහ සැකකාරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතයට ප්‍රශ්න ආරවුල් ඇති කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය කීවේය.
යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd