හිටපු හමුදා සෙබළුන්ගේ රට රැකියා සිහින බොඳ කරලා


(තිසර සමල්)

දෝහා කටාර් රාජ්‍යයයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එප්පාවල, එළියදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය  අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ දෝහා කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට  පැමිණිලි 06ක් ලැබුණු බවත් එම පිරිසගෙන් රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදල් වංචා කර ඇතැයි ද පොලිසිය කියයි.  මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ පිරිස් මුදල් බැංකු ගත කළ රිසිට්පත් මගින් තහවුරු වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම පුද්ගලයා විසින් විශ්‍රාමික යුද, ගුවන් හා නාවික යන ත්‍රිවිද හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන්ට මෙලෙස විශාල වශයෙන් වංචා සිදු කර ඇති බවත්, දෝහා කටාර් රාජ්‍යය‌ේ පෞද්ගලික ආරක්ෂක අංශයක රැකියා සඳහා යොමු කරන බවට පවසා මෙලෙස වංචා කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිළධාරීන් පවසයි.