ටෝනි කරුණානායක
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කාර්යාලයක් පවත්වාගෙන යාමට ඉඩ සලසා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විලි ගමගේ මහතාට විදේශ ගතවීමේ තහනම තාවකාලිකව ඉවත් කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ලබන වසරේ මාර්තු 01 වැනිදා දක්වා එම අවසරය අද(30) ලබාදුන්නේය.
රුපියල් 5,000ක බැඳුම්කරයක් මත අධිකරණය භාරයේ ඇති ගුවන් ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට නියම කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගතවීමේ තහනම ඉවත් කිරීම සම්බන්ධව ආගමන විගමන පාලක වෙත සහ බුද්ධි තොරතුරු ඒකකය වෙත දැනුම්දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
අද එම නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විලි ගමගේ , උපුල් දිසානායක සහ ආරියරතිලක දහනායක යන තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපති උපදෙස් ලැබී නොමැති හෙයින් නඩුව ලබන වසරේ මාර්තු 1 වැනි දා තෙක් කල් තැබිණි.