හිඟුරාණ මුවන්ගල කඩකාමර සංකීර්ණයක හදිසි ගින්නක්


(හිඟුරානේ නවරත්න සමරතුංග)

හිඟුරාණ මුවන්ගල ග්‍රාම හත මංසන්ධියේ පිහිටි කඩ සංකීරණයක අද (05) පෙරවරුවේ හටගත් ගින්නකින් වෙළඳසල් හතරකට හානි සිදුවී ඇති බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසයි.

එක් ව්‍යාපාරිකයෙකු පැමිණ දොර අරින විට කඩ පිටු පස කොටස් වල ගින්නක් පැතිරෙනු දැක ඒ බව පොලිසිය පවසා ඇත.

අනතුරුව අසල්වාසීන් හා තරුණ පිරිසක් එක්ව ආර්.බී.13 ඇලෙන් වතුර අදිමින් ගින්න නීවිමට උත්සාහ කර ඇත.

මේ අතර ගල්ඔය වැවිලි සමාගමට අයත් ජල බවුසරයක් එහි ගෙන්වා ගින්න නිවා දැමීමට පියවර ගත් ගත් බව දමන ප්‍රා දේශීය සභාවේ සභාපති වරයා පවසයි.