හිංසාකාරි ලෙස ගවයින් රැගෙන ගිය දෙදෙනක් පොලිස් දැලේ


(රංජිත් රාජපක්ෂ )

බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද  (06) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා මස්කෙලිය අප්කට් ප්‍රදේශයේ සිට ගවයන් දෙදෙනා ඝාතනය කිරිමට රැගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා ලොරි රථය සමග මස්කෙලිය නගරයේදි අත්අඩංගුවට ගත් බව  පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත්,සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියා සිටියේය.