(රංජිත් රාජපක්ෂ)
හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡනද ගණනය කිරිමට එම ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරින්ට සිදු විය.
හැටන් දික්ඔය නගර සභාවට සභිකයන් පත්කර ගැනීමට හැටන් අංක 04 ගාමිණිපුර කොට්ටාසයේ (06) දින ඡන්ද දායකයන් 1407 දෙනකු ඡන්දය ප්‍රකාශකර ඇති බවත්, එය ගණනය කිරිමේදි ඡන්ද පත්‍රිකා 1404 ක් පමණක් තිබූ බවත්, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තුනක් අඩු වීම නිසා තමන්ට අසාධාරනයක් සිදු වී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයකු සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුලු වී ඇතැයි පොලිසිය කියයි
ඡන්දය ගණනය කිරිම නතර කර නැවත එම කොට්ටාශය ඡන්දය පවත්වන ලෙස ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරින්ට තර්ජනය කිරිම හමුවේ හැටන් පොලිසියේ නිළධාරින් එම ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට ඇතුලු වූ පිරිස ඉවත් කර එම මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමෙන් අනතුරුව ඡන්දය ගණනය කිරිමේ කටයුතු ආරම්භ කෙරිණ.
එම ඡනද මධ්‍යස්ථානය නිකුත් කළ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඡන්ද 463 ක් ලබා සභිකයන් දෙදෙනෙකු එම කොට්ටාශයෙන් තේරිපත් විය.