හැටන් කොළඹ මාර්ගයට කඩාවැටුණු පස්කදු ඉවත් කරයි


(රංජිත් රාජපක්ෂ)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කිරීම කඩිනම් කිරීමට පියවර ගත් බව හැටන් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය.

හැටන්, ශැනන්, වටවල, දියගල සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩාවැටී ඇති අතර, එම මාර්ගවල රථවාහන ගමනා ගමනයට එක් මන්තීරුවක් විවෘත කිරිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලික අංශය සමඟ එක්ව බැකෝ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් පස් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි.