හලාවත රෝහලේ සිටි රෝගින් ගුවනින් පුත්තලමට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත මහ රෝහල ජලයෙන් යටවිමත් සමඟ එහි සිටි කුඩා දරුවන් ඇතුළු ගැබිනි මව්වරුන් 54 දෙනෙකු ගුවන් හමුදා ගුවන් යානයකින් පුත්තලම මූලික රෝහලට අද(30) දින රැගෙන ආවේය.

මෙලෙස ගුවනින් හලාවත සිට රැගෙන ආවේ හලාවත මහ රෝහලේ බිළිදු ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි බිලිදුන් පස් දෙනෙකු හා ළමා ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 22 දෙදෙනෙකු හා ගැබිනි මව්වරුන් ඇතුළු රෝගීන් 27 දෙනෙකු මෙලෙස රැගෙන ඒම සිදුවු බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය.

හලාවත මහ රෝහල දින ගනනාවක් තිස්සේ දැවැන්ත ජල කදකින් යටවිමත් සමග එහි සියලු කටයුතු මේ වන විට නැවති විදුලිය ද නොමැති තත්වයක් හමුවේ මෙලෙස බිළිදුන් හා දරුවන් හා ගැබිනි මව්වරුන් ඇතුළු පිරිස මෙලෙස ගුවන් මගින් පුත්තලම මූලික රෝහලට එවිමට කටයුතු කර තිබුණි.

හලාවත පොලිස් ක්‍රිඩාංගනයේ සිට මෙම රෝගීන් පිරිස ගුවන් හමුදා හෙලිකෝප්ටර් යානයකින් පුත්තලම නගර සභා පිටියට රැගෙන ඒමෙන් පසු ගිලන් රථ මගින් පුත්තලම මූලික රෝහලට රැගෙන ඒම සිදුවිය.