ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත වැල්ල කල්ලුකුලියේ කසළ අංගනයයෙහි ඇතිවූ ගින්න අද ( 12 ) දහවල වන විටත් නිවා දැමීමට නොහැකිවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව හලාවත ධීවරයෝ පවසති.
ඊයේ ( 11 ) දිවා කාලයේ පටන් මෙම කසළ අංගනයේ ගින්න පැවති බවත් ඔවුහු පවසති.
හලාවත නගරවාසීන් විසින් බැහැර කරන කසළ ගෙන ගොස් දමන වැල්ලකල්ලකුලියේ පවුල් 1500ට වඩා වැඩි සංඛ්‍යාවක් වාසය කරති.
ගින්නත් සමඟ මතුවූ දුර්ගන්ධය හා දුමාරය කිලෝමීටරයකට වඩා දුරකට විහිද පැතිර ඇති නිසා තමන් ස්වස්න අපහසුතාවනට මුහුණ දී ඇති බවත් මුහුදු වෙරළ ආසන්නයේ ගම්මානය පවතින නිසා දැඩි සුළං හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම අසීරු වී ඇතැයි ඔවුහු කියති.
නගර සභා ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් ගින්න මැඩ පැවැත්වීමට බලවත් වෙහෙසකින් කටයුතු කර ඇත.
නගර සබාවේ ලේකම් ජයසිරි අමරතුංග මහතා කියා සිටියේ දින දෙකක කාලයක් වෙහෙස ගෙන කටයුතු කළත් ගින්න නිවා දැමීම අසීරු බැවින් වහාම විකල්ප ක්‍රියාමාර්ගයකට යා යුතු බවය.