(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා අද(21) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
ඉකුත් 20 වැනිදා රාත්‍රියේ හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ සේවකයකු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

