IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ නගර සභාවේ ලබන වසරේ ආදායම කෝටි 2,885යි

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ ලබන වසරේ (2026) ඇස්තමේනතුගත සමස්ත ආදායම රුපියල් මිලියන 28,859.89 හෙවත් රුපියල් කෝටි 2,885 ක් බවත් ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් මිලියන 28,859.31 ක් හෙවත් රුපියල් කෝටි 2,885 ක් බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (22) පැවසුවාය.

‘පොහොසත් නගරයක් - ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ඉදිරිපත් කරමින් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය.

එම නගර සභාව ලබන වසරේ වැඩිම ආදායම ලෙස රුපියල් මිලියන 9,128.91 හෙවත් රුපියල් කෝටි 912 කට අධික මුදලක් අයකළ හැකි ගාස්තු අයිතමයයෙන් ඇස්තමේන්තු කර ඇති අතර වරිපනම් සහ බදුවලින් රුපියල් මිලියන 8,697.01 ක් හෙවත් රුපියල් කෝටි 869 කට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇති බව කී නගරාධිපතිනිය රජයේ අධාර, වෙනත් ආධාර සහ ප්‍රතිපූර්ණවලින් රුපියල් මිලියන 7,210.79 ක් හෙවත් රුපියල් කෝටි 721 කට අධික මුදලක් ද බලාපොරොත්තු වන බව ද සඳහන් කළාය.

එම නගර සභාව ලබන වසරේ සමස්ත පුනරාවර්තන ආදායම රුපියල් මිලියන 21,441.10 ක් හෙවත් රුපියල් කෝටි 2,144 කට අධික බවත් ස්වයං උත්පාදන ආදායම් පුනරාවර්ථන වියදම් සම්පූර්ණයෙන්ම ආවරණය කරගැනීමට සහ වරිපනම් බදුවලින් කොටසක් ප්‍රාග්ධන වියදම් ලෙස දැරීමේ ඉලක්කය ඇතිව මෙම අයවැය යෝජනාව ඉදිරිපත් කළ බවත් ඇය සඳහන් කළාය.

කොළඹ මහ නගර සභාවේ ලබන වසරේ වැඩිම වියදම ලෙස රුපියල් මිලියන 10,285.65 ක් හෙවත් රුපියල් කෝටි 1,028 කට අධික මුදලක් මලාපවහන සහ ජල කර්මාන්ත අංශයට ඇස්තමේන්තු කළ බවත් ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ බැහැරකිරීමේ සේවාවලට රුපියල් මිලියන 4,587.66 ක් හෙවත් රුපියල් කෝටි 458 කට අධික මුදලක් ද, භෞතික සැලසුම්, යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිසරය වෙනුවෙන් රුපියල් මිලියන 3,996.30 හෙවත් රුපියල් කෝටි 400 කට ආසන්න මුදලක් ද, මාර්ග සඳහා රුපියල් මිලියන 2,993.91 ක් හෙවත් රුපියල් කෝටි 300 කට ආසන්න මුදලක් ද, ඇස්තමේන්තු කර ඇති බවත් නගරාධිපතිනිය පැවසුවාය.

ජනතාව වෙත සහනන සැළසීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 456 ක්, දරිද්‍ර සහනාධාර දීමට රුපියල් මිලියන 175 ක්, අධ්‍යාපන ආධාර දීමට රුපියල් මිලියන 150 ක්, පෙර පාසල් සහ දහම් පාසල් දරුවන් සඳහා දිවා ආහාර නොමිලයේ දීමේ වැඩසටහනට රුපියල් මිලියන 131 ක් වෙන්කළ බවත් පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමූ බවත් ඇය කීවාය.

කොළඹ නගරයේ ඇති ආර්ථික වටිනාකම් ඔස්සේ ඇති ආයෝජන අවස්ථා අනුව නගර සභාවට කොපමණ අවස්ථා සහ බලාපොරොත්තු තිබුණ ද ඒ සඳහා නගර සභාව සතු තාක්‍ෂණික හා ප්‍රාග්ධන ශක්‍යතාවයන් ප්‍රමාණවත් නොවන බැවින් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යාපෘති කාණ්ඩ හතරක් ක්‍රියාවට නැංවීමට යෝජනා කරන බවත් එසේ කළහොත් එම සේවාවන් විධිමත් කළ හැකි බවත් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

සමඟ ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා එහිදී පැවසුවේ සිය ඉල්ලීමකට අනුව නගර සභාවේ පෙර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 20,000 සිට 30,000 ක් දක්වා ඉහළ දැමීම, දහම් පාසල් දරුවකුගේ ආහාර වේලක මුදල රුපියල් 60 සිට 100 ක් දක්වා ඉහළ දැමීම සහ මන්ත්‍රී ප්‍රතිපාදන රුපියල් මිලියන 5 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් රුපියල් කෝටි ගණනින් ගණුදෙනු කරන කොළඹ මහ නගර සභාව ආගමික ස්ථානවලට උත්සවයක් වෙනුවෙන් ප්‍රදාන කළ රුපියල් 50,000 ක මුදල කපාහැරීමට විරෝධය පළකරන බවත්ය.  

නගරාධිපතිනිය අයවැය වාර්තාව ඉදිරිපත්කිරීමෙන් පසුව විවාදයට එක්වූ මොහොමඩ් මන්සීල් සහ දයාකාන්ත පෙරේරා ඇතුළු විපක්‍ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙම අයවැය ලේඛණය සමස්තයක් වශයෙන් ඉලක්කම් හරඹයක් පමණක් බවත් ඇස්තමේන්තු ලෙස දක්වා ඇති බොහෝ ආදායම් ළගාකරගැනීමට නොහැකි ඒවා බවත්ය.

නගර සභාවේ සේවාවන් කාර්යක්‍ෂම කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්ව ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පාලක ජාතික ජනබලවේගය කටයුතු කිරීම ඉතාම හොඳ තත්වයක් ලෙස දකින බවත්  ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර කළ ප්‍රකතාශ දෙස බැලීමේදී මෙය වමට සිග්නල් දමා දකුණට හරවනවා වැනි තත්වයක් බවත් දයාකාන්ත පෙරේරා මහතා කීය.  

පාලක ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු පැවසුවේ අයවැය ලේඛණය නගර සභාවේ පාලනය ගෙන යෑමට මඟ පෙන්වන මෙවලමක් බවත් එහි ඇති ආදායම් සහ වියදම් ඇස්තමේන්තුවක් වීම නිසා ඒවා ළඟාකරගැනීමට සියලුම දෙනාගේ සහයොග්ය ලැබිය යුතු බවත්ය. 



අදහස් (2)

කොළඹ නගර සභාවේ ලබන වසරේ ආදායම කෝටි 2,885යි

දකුණේ හාදයා Monday, 22 December 2025 06:40 PM

මක්කා දොඩනවද මන්දා. උගණ්ඩාවේ සල්ලිවත් ගේනවැයි ?

:       0       0

පුරවැසියා Monday, 22 December 2025 07:16 PM

එක් මිලියන දෙබිලියන හාරසීය පනස් පහකට ගත්ත වේයෝ කාපු පෝෂේ කාර් මැඩම් නෑ ඔතැන?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site