
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 3 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 9ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
ඒ අනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් ලබා දීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිලාභීන් වෙත සහතික පත් පිළිගැන්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය යන මහත්වරු විසින් සිදු කරන ලදී.
ලංකා බැංකුව මගින් මෙම මුල්‍ය පහසුකම ලබා දීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමටද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක යන මහත්වරු අතර මෙහිදී අත්සන් තැබිණි.ගිවිසුම ප්‍රකාරව අනුමත ප්‍රතිපාදන, අයදුම්කරුවන්ගේ ව්‍යාපෘතියට අදාළ කාර්ය සාධක දර්ශක (KPI) අනුව ප්‍රගතිය පරීක්ෂා කරමින් කොටස් වශයෙන් නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව,
1- විදුලි සංදේශ ආශ්‍රිත ජාලගත ළමා හිතකාමී අන්තර්ජාල පද්ධතිය සහ ඩිජිටල් යහපැවැත්මේ නව නිර්මාණයක් වන Vx Safenet මෙවලම වෙනුවෙන් සහතික පත්‍රය Visuamatix (Pvt) Ltd සමාගමේ තීක්ෂණ කුමාර මහතා වෙතද,
2- Fractal Graphene and Activated කාබන් තාක්ෂණය වැනි අති නවීන රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත Volfpack Energy සුපිරි ධාරිත්‍රක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Volfpack Energy (Pvt) Ltd හි සංජීව කරුණාරත්න මහතා වෙතද,
3- ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය, සීනි හෝ මධ්‍යසාර භාවිතයෙන් තොරව කුරුඳු පොතුවල අන්තර්ගත සියලුම අත්‍යවශ්‍ය පෝෂක කොටස්වල ගුණය මනාව සුරැකි Cold Brewed කුරුදු නිස්සාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Pure Cinnamon Exports (Pvt) Ltd හි මුදිත ජයතිලක මහතා වෙතද,
4- අපනයනය කරනු ලබන පොල් තෙල්වල පිරිසිදු බව රසායනාගාරයකින් බැහැරව ඉතා වේගයෙන් සහ නිවැරදිව පරීක්ෂා කළ හැකි සුවිශේෂී අධි තාක්ෂණික උපකරණය හඳුන්වාදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආලෝකා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය මහාචාර්ය ජී.කේ.ඩී.එස්. ජයනෙත්ති මහතා වෙතද
5- තේ කලාවේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණය ලොව හමුවේ දිග හරින දේශීය අනන්‍යතාවට මුල් තැන දෙන Samanala Farm ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Samanala Farm ආයතනයේ පබසරා මනතුංග මහත්මිය වෙතද,
7- කිතුල් කර්මාන්තයට නව පණක් ලබා දෙමින් සීනි සහිත පාන වෙනුවට ස්වභාවික ගුණය සහිත කිතුල් කෝලා සහ මේද රහිත කිරි නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Planet’s Pick Holdings (Pvt) Ltd වෙනුවෙන් කපිල විජේසේකර මහතා වෙතද,
8- Flat knit තාක්ෂණය ඔස්සේ අපනයන ඉලක්ක කර ගනිමින් ගලගෙදර, මාතලේ සහ දඹුල්ල වැනි ප්‍රදේශවල කාන්තාවන් සවිබල ගන්වමින් ඉහළ සමාජයීය බලපෑමක් ඇති කරන TDR Knitting ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය TDR Knitting (Pvt) Ltd හි ලක්මාලි වනසිංහ මහත්මිය වෙතද
9- රසායනික පොහොර භාවිතය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගනිමින් පසෙහි වෙසෙන ස්වභාවික ක්ෂද්‍ර ජීවින් සක්‍රීය කිරීම මගින් ඉහළ අස්වැන්නක් ලබා දෙන “Magic-grow” පාංශු සක්‍රීයකාරක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Wasala Agro ආයතනයේ වාසල සිරිවර්ධන මහතා වෙතද භාර දෙන ලදී.

2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ව්‍යාපෘති නවයකට ගිවිසුම් ගත වෙයි